skip to main |
skip to sidebar
රමණීය
මරනයක
අතිරමණීය
රමණය...
අහිමිව ගිය
නියාවට
සාප කරමි නුඹට
මදුවිත...
තටු සිඳුනු සෙනෙහෙ සිහින පියාසරනා
අත පොවන මානයේ
පෙනෙන නොපෙනෙන මිරිඟු නිම්නයක
හුදෙකලාව
පරිකල්පිත
සෙලවෙන ලතාමඬුලු අතරින්
ප්‍රකම්පිත හදවතේ
එලිය සොරාගන්නා සෙවනැල්ල
නුඹ...
අහිමි සරා සඳ...
අහස අරා හිඳ...
නුරා තත් සිඳ...
නික්මිණි
කිරණ බිඳ...
සුපුන් දෙනුවන් තෙමාලූ
යබොර සිරුරත ගලාලූ
කම්පනය සිත දවාලූ
නුඹද නික්මිනි ගියාලූ
වත
සිත
දෙ නයන
රොද බැඳි
බඹරිඳු මම...
තැවෙන
හීසැර
පහර
වැද...
තිඹිරි ගෙයි
මල
සංසාර
ආරණ්‍යයේ
ප්‍රේමයෙන්...
නුවර වැව රවුම දිගේ...
නොපිපුණු මල් පාග පාග...
ඔයාගෙ අත මගේ අතින් අරන්...
වලාකුළු බැම්ම උඩට වෙලා...
කිරි මුහුදේ රළ බිඳෙන හඬ,
අහගෙන ඉඳිමු...
සෙනෙහෙනුවන්තිය...