Wednesday, August 31, 2011

කෙහෙරැල්....




සුලඟ නුඹ දඟකරන්නෙපා
කෙහෙරැල් සමඟ...
නිවුණු සිත අවුලුවා පා
අසරණකමට...
අහිමි අහස සඳ පෑ
නිම්නෙක හවස...
එපා නුඹේ හද අහස
විඳවනු බැහැ සිතට...


28-06-2011

සල්ලාල ප්‍රේමය..



බුර බුරා නැගෙන
ඒකපාර්ශවික ආදරයේ ගිනිසිළු
දනී නුඹ අහිමි බව
සත්තකටම...
එගිනි නිවාලූ
වෛරයේ පිණිපොකුරු
පතයි නුඹ
ගේෂ්‍යාවක් වූවා නම්..
යෙන් මිලට ගෙන
තබාගමි සදහටම
වෙහෙසකර කම්පනය
ඉසිඹුලන්නට..


සල්ලාල ප්‍රේමයෙන්.....


04-06-2011

Tuesday, August 2, 2011

නුඹ හමුවූ දිනක හවසක...





සිත් අහස..
නුඹ අහිමි..
වග නොපිළි..
හඬයි දැනුදු..
චන්දකින්නරාවිය.....