Wednesday, January 25, 2012

අනුරාගය නුඹ...


සුරැකිව රකිමි තත්පරය
සුරැකිව රැකිය නුහුනු තැන 
නුඹ...
අහින්සක ආශාවෙන්
බුරා නැගෙන රාගයෙන්
මත්ව...
සිත ඉඟි කරයි
වත මන යොමයි
ලොල්ව...
අවාරයට පිපි
නෙලාගත නොහී
අනුරාගය
නුඹ...

Tuesday, January 10, 2012

නුරා සැරූ රූ නුඹ...



සීත ශ්වේත රාත්‍රියහි
සිතිවිලි
බිඳිණි වැව් බැම්ම...
නොනිල ප්‍රේමයේ සරාගී ලකුණ
සිරුරත හොවා
බිඳෙන නැගෙන රළපතර අතර...
නිවුණු සා පිපාසාව
ජීවය සුණු විසුණු කරමින් 
දෙගොඩ තලා ගිය වග...
සිහිනයෙන්

Sunday, January 8, 2012

කාලයද, නුඹද, නික්ම යමින් තිබේ...


සුරඟන අඟන
නික්මුණි පවන...
සුලලිත ගමන
දැහැනක බිඳුන...