Tuesday, March 13, 2012
නුඹව හැර මෙලෝ සියල්ල අමතක වන අරුමය...
කලබල හිතට...
නුඹව හැර
මෙලෝ සියල්ල
අමතක වන
අරුමය...
මතක මාලිගයේ
නොමැති නැති තැන
නුඹ...
පොත පත තතු
තිබිය යුතු තැන!...
Thursday, March 1, 2012
සිසිර නිද්‍රාවේ යලිදු වෙලෙන්නට අවසර, මට...
හිරු නැතිමුදු සඳ බබලන...
වළා නැතිමුදු මල් වැහි වස්සන...
වෙරළ නැතිමුදු රළ බිඳිති නගන...
හිරු පෙර නැතිමුදු ගගන පිස දේදුනු ඇඳෙන...
සෙනෙහස නැතිමුදු නුරා සිනා නංවන...
ආදරණීය සිහිනය
එක්ව මැවූ සිහිනයෙන් අවදිව...
මා ද, අවදිකල
අසංවෙදී ලියතඹරාව...
සිසිර නිද්‍රාවේ යලිදු වෙලෙන්නට
අවසර...
මට...
Monday, February 13, 2012
සීගිරි facebook ගීය...
දිමති දෙනයන සරාගී රූ සිතුවම දුටිමි. - බොහො දෙනා Comment කර Like කර ඇති බැව් ද දුටිමි.
Like කරනට Comment කරනට සිතීමි. - නමුදු මා In a Relationship නුඹ සමග නොවූවෙන් Log Out වීමි.
Friday, February 10, 2012
සීමාවේ හැරවුම...
අසම්මතව පෙම් කළෙමි
නුඹද
මමද
එය දන්නා වග දනිමි...
සීමාවේ හැරවුම
අසීමාන්තික රිදවුම
විඳිමි
විඳවමි
පෙර දා රාත්‍රිය...
Wednesday, January 25, 2012
අනුරාගය නුඹ...
සුරැකිව රකිමි තත්පරය
සුරැකිව රැකිය නුහුනු තැන
නුඹ...
අහින්සක ආශාවෙන්
බුරා නැගෙන රාගයෙන්
මත්ව...
සිත ඉඟි කරයි
වත මන යොමයි
ලොල්ව...
අවාරයට පිපි
නෙලාගත නොහී
අනුරාගය
නුඹ...
Tuesday, January 10, 2012
නුරා සැරූ රූ නුඹ...
සීත ශ්වේත රාත්‍රියහි
සිතිවිලි
බිඳිණි වැව් බැම්ම...
නොනිල ප්‍රේමයේ සරාගී ලකුණ
සිරුරත හොවා
බිඳෙන නැගෙන රළපතර අතර...
නිවුණු සා පිපාසාව
ජීවය සුණු විසුණු කරමින්
දෙගොඩ තලා ගිය වග...
සිහිනයෙන්
Sunday, January 8, 2012
Subscribe to:
Posts (Atom)





