Thursday, July 12, 2012

අතරමං කලා නැවත නුඹ...






නොසිතූ වෙලාවක
සැලසුම්ගත විරාමෙක...
නගරෙක
තැනෙක
ශාලාවක...
දෙසට පියමැන පුරුදු දෙනයන
මත් කලා නැවත
මගේ සිත...
නුරා සුපුරුදු 
මං තලාවෙක
අතරමං කලා
නැවත නුඹ...

Saturday, June 16, 2012

පළිඟු නිරුවත විනිවිද...




පළිඟු නිරුවත
විනිවිද...
සීරු මාරුවට
එකා පසුපස...
හැල්මේ දුවන
තොපි නිසා!
අසම්මත ආදරය...

අසම්මත ආදරිය...
අමතක උනු
අරුමය...
මිටි එකා
උස එකා
උස හීනි එකා
අහුවෙයවු
මට!

Tuesday, March 13, 2012

නුඹව හැර මෙලෝ සියල්ල අමතක වන අරුමය...



කලබල හිතට... 
නුඹව හැර
මෙලෝ සියල්ල
අමතක වන
අරුමය...
මතක මාලිගයේ
නොමැති නැති තැන
නුඹ...
පොත පත තතු
තිබිය යුතු තැන!...

Thursday, March 1, 2012

සිසිර නිද්‍රාවේ යලිදු වෙලෙන්නට අවසර, මට...







හිරු නැතිමුදු සඳ බබලන...
වළා නැතිමුදු මල් වැහි වස්සන...
වෙරළ නැතිමුදු රළ බිඳිති නගන...
හිරු පෙර නැතිමුදු ගගන පිස දේදුනු ඇඳෙන...
සෙනෙහස නැතිමුදු නුරා සිනා නංවන...
ආදරණීය සිහිනය
එක්ව මැවූ සිහිනයෙන් අවදිව...
මා ද, අවදිකල
අසංවෙදී ලියතඹරාව...
සිසිර නිද්‍රාවේ යලිදු වෙලෙන්නට
අවසර...
මට...

Monday, February 13, 2012

සීගිරි facebook ගීය...


දිමති දෙනයන සරාගී රූ සිතුවම දුටිමි. - බොහො දෙනා Comment කර  Like කර ඇති බැව් ද දුටිමි.
Like කරනට Comment කරනට සිතීමි. - නමුදු මා In a Relationship නුඹ සමග නොවූවෙන් Log Out වීමි.

Friday, February 10, 2012

සීමාවේ හැරවුම...



අසම්මතව පෙම් කළෙමි
නුඹද
මමද
එය දන්නා වග දනිමි...
සීමාවේ හැරවුම
අසීමාන්තික රිදවුම
විඳිමි
විඳවමි
පෙර දා රාත්‍රිය...

Wednesday, January 25, 2012

අනුරාගය නුඹ...


සුරැකිව රකිමි තත්පරය
සුරැකිව රැකිය නුහුනු තැන 
නුඹ...
අහින්සක ආශාවෙන්
බුරා නැගෙන රාගයෙන්
මත්ව...
සිත ඉඟි කරයි
වත මන යොමයි
ලොල්ව...
අවාරයට පිපි
නෙලාගත නොහී
අනුරාගය
නුඹ...

Tuesday, January 10, 2012

නුරා සැරූ රූ නුඹ...



සීත ශ්වේත රාත්‍රියහි
සිතිවිලි
බිඳිණි වැව් බැම්ම...
නොනිල ප්‍රේමයේ සරාගී ලකුණ
සිරුරත හොවා
බිඳෙන නැගෙන රළපතර අතර...
නිවුණු සා පිපාසාව
ජීවය සුණු විසුණු කරමින් 
දෙගොඩ තලා ගිය වග...
සිහිනයෙන්

Sunday, January 8, 2012

කාලයද, නුඹද, නික්ම යමින් තිබේ...


සුරඟන අඟන
නික්මුණි පවන...
සුලලිත ගමන
දැහැනක බිඳුන...

Tuesday, November 22, 2011

ඉච්ඡානුග භාවනාව...





මා සිත්හි සිරකල
සෙනෙහෙ යාදිනි දැන දැන...
නොපෙලෙන නොදකින නොතකන
ඉච්ඡානුග භාවනාව...
දනිමි හැඳිනිමි
නමුදු එයටම
නොනිලව...
ප්‍රේම කරමි
මම...



Sunday, November 20, 2011

නුඹ නිසාවෙන් සසලවූ තවත් සන්ධ්‍යාවක...




හරිත කඳු ශිඛර සපැමිණි සුලඟින්...
රැගෙන පිනිපොකුරු පාවඩ මතින්...
නේක දම්පැහැ සිතුවමින්
ගැවසෙමින්...
ශ්වේත මිරිවැඬින්
පා පොඩි ඔසවමින්
සපැමිණ...
හද වෙණ තත්සර සලිතකරවූ
අනුරාගී
රෝස කුසුම 
නුඹ...


 19/11/2011

Tuesday, November 8, 2011

අද.. 08/11/2011




මා
හඬට
සංවේදී වූ නුඹ...
මා
හද
හඬට
අසංවේදී වූයේ...
මන්ද

Sunday, October 23, 2011

සාප කරමි නුඹට...



රමණීය
මරනයක
අතිරමණීය
රමණය...
අහිමිව ගිය
නියාවට
සාප කරමි නුඹට
මදුවිත...

සෙවනැල්ල නුඹ..







තටු සිඳුනු සෙනෙහෙ සිහින පියාසරනා
අත පොවන මානයේ 
පෙනෙන නොපෙනෙන මිරිඟු නිම්නයක
හුදෙකලාව
පරිකල්පිත
සෙලවෙන ලතාමඬුලු අතරින්
ප්‍රකම්පිත හදවතේ
එලිය සොරාගන්නා සෙවනැල්ල
නුඹ...

Thursday, October 20, 2011

අභිනිෂ්ක්‍රමණය

අහිමි සරා සඳ...
අහස අරා හිඳ...
නුරා තත් සිඳ...
නික්මිණි
කිරණ බිඳ...




සුපුන් දෙනුවන් තෙමාලූ
යබොර සිරුරත ගලාලූ
කම්පනය සිත දවාලූ
නුඹද නික්මිනි ගියාලූ




වත
සිත
දෙ නයන
රොද බැඳි
බඹරිඳු මම...
තැවෙන
හීසැර
පහර
වැද...
තිඹිරි ගෙයි
මල
සංසාර
ආරණ්‍යයේ
ප්‍රේමයෙන්...

Tuesday, October 18, 2011

බිඳෙන නැගෙන නැවුම් රළ පහස..





නුවර වැව රවුම දිගේ...
නොපිපුණු මල් පාග පාග...
ඔයාගෙ අත මගේ අතින් අරන්...
වලාකුළු බැම්ම උඩට වෙලා...
කිරි මුහුදේ රළ බිඳෙන හඬ,
අහගෙන ඉඳිමු...
සෙනෙහෙනුවන්තිය...

Thursday, September 1, 2011

නෙතින් නෙත වෙත...






සිනිඳු සුදු මුදු පවන් පත් ගෙන
ගිලන් සකි හට පවන් සලනා...
අඳුරු මුව පොඩි
විසල් දෙනෙතින් 
දෙඋර ඔසවා මදෙස බලනා...
නගා මදහස සිතෙහි රැඳි දුක
නෙතින් නෙත වෙත
මා පාකෙරුනා...
සසල සිත ඇති සොඳුරු නුඹ රුව
එපත් මත පද වලට හැරුනා...


21-07-2011

Wednesday, August 31, 2011

කෙහෙරැල්....




සුලඟ නුඹ දඟකරන්නෙපා
කෙහෙරැල් සමඟ...
නිවුණු සිත අවුලුවා පා
අසරණකමට...
අහිමි අහස සඳ පෑ
නිම්නෙක හවස...
එපා නුඹේ හද අහස
විඳවනු බැහැ සිතට...


28-06-2011

සල්ලාල ප්‍රේමය..



බුර බුරා නැගෙන
ඒකපාර්ශවික ආදරයේ ගිනිසිළු
දනී නුඹ අහිමි බව
සත්තකටම...
එගිනි නිවාලූ
වෛරයේ පිණිපොකුරු
පතයි නුඹ
ගේෂ්‍යාවක් වූවා නම්..
යෙන් මිලට ගෙන
තබාගමි සදහටම
වෙහෙසකර කම්පනය
ඉසිඹුලන්නට..


සල්ලාල ප්‍රේමයෙන්.....


04-06-2011

Tuesday, August 2, 2011

නුඹ හමුවූ දිනක හවසක...





සිත් අහස..
නුඹ අහිමි..
වග නොපිළි..
හඬයි දැනුදු..
චන්දකින්නරාවිය.....