Tuesday, March 13, 2012

නුඹව හැර මෙලෝ සියල්ල අමතක වන අරුමය...



කලබල හිතට... 
නුඹව හැර
මෙලෝ සියල්ල
අමතක වන
අරුමය...
මතක මාලිගයේ
නොමැති නැති තැන
නුඹ...
පොත පත තතු
තිබිය යුතු තැන!...

Thursday, March 1, 2012

සිසිර නිද්‍රාවේ යලිදු වෙලෙන්නට අවසර, මට...







හිරු නැතිමුදු සඳ බබලන...
වළා නැතිමුදු මල් වැහි වස්සන...
වෙරළ නැතිමුදු රළ බිඳිති නගන...
හිරු පෙර නැතිමුදු ගගන පිස දේදුනු ඇඳෙන...
සෙනෙහස නැතිමුදු නුරා සිනා නංවන...
ආදරණීය සිහිනය
එක්ව මැවූ සිහිනයෙන් අවදිව...
මා ද, අවදිකල
අසංවෙදී ලියතඹරාව...
සිසිර නිද්‍රාවේ යලිදු වෙලෙන්නට
අවසර...
මට...