Tuesday, November 22, 2011

ඉච්ඡානුග භාවනාව...





මා සිත්හි සිරකල
සෙනෙහෙ යාදිනි දැන දැන...
නොපෙලෙන නොදකින නොතකන
ඉච්ඡානුග භාවනාව...
දනිමි හැඳිනිමි
නමුදු එයටම
නොනිලව...
ප්‍රේම කරමි
මම...



Sunday, November 20, 2011

නුඹ නිසාවෙන් සසලවූ තවත් සන්ධ්‍යාවක...




හරිත කඳු ශිඛර සපැමිණි සුලඟින්...
රැගෙන පිනිපොකුරු පාවඩ මතින්...
නේක දම්පැහැ සිතුවමින්
ගැවසෙමින්...
ශ්වේත මිරිවැඬින්
පා පොඩි ඔසවමින්
සපැමිණ...
හද වෙණ තත්සර සලිතකරවූ
අනුරාගී
රෝස කුසුම 
නුඹ...


 19/11/2011

Tuesday, November 8, 2011

අද.. 08/11/2011




මා
හඬට
සංවේදී වූ නුඹ...
මා
හද
හඬට
අසංවේදී වූයේ...
මන්ද